Searching...
Wednesday, July 18, 2012
තනි කිවර්ඩ් එකකට හදන Micro Niche Websites සෑදීම

තනි කිවර්ඩ් එකකට හදන Micro Niche Websites සෑදීම

පට්ටම කාලෙකින් ලිපියක් ලියන්න කියල හිතුන, දැනට කරන්න කියල වැඩක් නැ එ කොහොම උනත් මුකුත් ලියන්න කියල උනෙත් නෑ, අද ලියන්න කියල හිතුනේ ඇඩ්සෙන්ස් වලින් මුදල් උපයන්න භාවිතා කරන විශේෂ ක්‍රරයමයක් ගැන, (මේක ඇඩ්සෙන්ස් ගිණුමක් හදාගන්න ක්‍රරනමයක් නම් නෙවෙයි) මේක ගොඩක්ම පහසුයි, ආදුනිකයකුට උනත් ගොඩක් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් හා ඇඩ්සෙන්ස් භාවිතයෙන් මුදල් හියන්න පුළුවන් ක්‍රමයක්...

මේක ලියාගෙන ගියා වගේ නෙවෙයි, මේකෙන් නිකන් ඉදන් සල්ලි හොයන්න පුලුවන් කියලා නම් හිතන්න එපා. Micro Niche Websites කියල තමයි මෙ‍ම වෙබ් අඩවි වර්ගය හදුන්වන්නේ. මෙහි මුලිකව කරන්නේ ඇමරිකාව වගේ යුරෝපිය රටක වැඩියෙන්ම සිදුකරන සෙවුම් සොයා එම සෙවුම් සදහා වෙබ් අඩවි නිර්මාණය සිදුකිරිම, මේ වෙබ් අඩවි හදනකොට බ්ලොගර් භාවිතා කරන එකනම් එචර සාර්ථක මදි, එම නිසා තමාගේම වෙබ් හොස්ට් එකක් ඕන වෙනවා, මම නම් භාවිතා කලේ Hostgator කියන වෙභෝස්ට් ලබාදෙන වෙබ් අඩවිය. ඒක ෆ්රී හොස්ට් සයිට් එකක් නම් නෙවෙයි. නමුත් මිලින්ම පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න වගෙනම් නොමිලේ ලබාදෙන හොස්ට් එකක් භාවිතා කරන්න පුළුවන්.

මෙම වෙබ් අඩවි ගැන කියනවනම් මේ වගේ වෙබ් අඩවි වල උපරිම තියෙන්නේ ලිපි 10ක් 12ක් වගේ. හැබැයි මේවා කොපි කරපුව වෙන්න නම් බෑ. මොකද අපි කරන්න යන්නේ ගුගල් එකේ ඒක සෙවුම් වචනයක් සදහා මුඋලික කරගෙන වෙබ් අඩවි නිර්මාණය සිදු කරන ඒක,ඒවගේම මෙ‍ම අඩවිවල ගොඩක්ම සරල පෙනුමක් තමා තියෙන්නේ. අනිත් ඒක මෙම වෙබ් අඩවි වල තවත් විශේෂත්වයක් වන්නේ ඇඩ්සෙන්ස් දැන්වීම් සහ වෙබ් පිටු අතර තියන ලිනක්ස් ගොඩක්ම එකසමානව තමා හදල තියෙන්නේ.මම කියුවනේ මේකේ ලිපිය සම්පුර්ණ තමන්ගේම නිර්මාණයක් වෙන්න ඕන කියල, අනිසා වෙනම මේකේ ලිපි ලියන කෙනෙක්ට දුන්නනම් තමයි ගොඩක්ම හොද, මොකද ලිපි ලියන අය නියම විදියට මෙම කිවර්ඩ් එක වැඩියෙන් භාවිතා කරලා ලියාදෙන එක සිද්ද කරනව. එනිසා අපි ලියන්න ගිහින් අමාරුවේ වැටෙනවට වඩා මම හිතන්නේ Article 3ක් විතර කව්රුහරි ලවා ලියගත්තනම් හොදයි

පහලින් තියෙන්නේ ඒවගේ වෙබ් අඩවියක අනුරුවක්.


මම මුල ඉදන් කියුවේ ඇඩ්සෙන්ස් ගැන විතරයි නේ, ඒ විතරක් නෙවෙයි මේවා ඇමසන් වගේ වෙබ් අඩවි පාදක කරගෙනත් හදනවා. ඒක පොඩි උදාහරණයකින්ම කියාදෙන්නම්, දැන් හිතන්න ඔබ Body Building පිලිබදව වෙබ් අඩවියක් කරනවා කියල. එ වෙබ් අඩවියේ Body Building සදහා අවශ්යu Supplement පිලිබදවස්ත් විස්තර කරලා තියනව කියල හිතමු, අන්න එහෙම වෙලාවට අපි ඒ සප්ලිමන්ට් ඒක ඔන්ලයින් ගන්න කැමති කෙනෙකුට ඇමසන් ලින්ක් එකක් එකතු කරලා තියනව, මම මුලින්ම කියුවනේ මම අඩවි නිර්මාණය කරන්නේ ඇමරිකාව වගේ යුරෝපිය රටවල් ඉලක්ක කරගෙන කියල. ඉතින් ඒ වගේ රටවල අය ගොඩක් දුරට (85% විතර දෙනා ) අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කරන පුරුදුවෙලා ඉන්නවා, ඉතින් එහෙම කෙනෙක් අපේ අඩවියෙන් මොනව හරි මිලට ගත්තොතින් කමිෂන් එකක් ඇමසන් හරහා ලැබෙනවා. තව දෙයක් අපි මම අඩවි ඉතා හොදින් ප්රිමෝට් කරලා පේජ් රෑන්ක් වගේ දදේවල් ලැබුනොත් අපිට එහි ලිනක්ස් විකිනිඉම වගේ දේවල් පවා කරන්න පුළුවන්. (නමුත් මේ ලින්ක් විකුනන එක ලගකදී ඉදන් ගුගල් ඒකෙන් තහංචි දාල තියනවා )

මෙම වෙබ් සයිට් වල ඩොමන් නාමය ගැන කියුවොත්, හැමවෙලාවෙම මේවයි ඩොමින් එක හැදෙන්නේ සම්පුර්ණ කිවර්ඩ් එකත එක්කම තමයි, එකියන්නේ www.how-to-buy-iphone-3g.com ඔන්න ඔයවගේ විකාර දිග නමක් තමයි තියෙන්නේ,

අර මුලින්ම කියුවනේ මේකේ ලිපිය සම්පුර්ණ තමන්ගේම නිර්මාණයක් වෙන්න ඕන කියල, අනිසා වෙනම මේකේ ලිපි ලියන කෙනෙක්ට දුන්නනම් තමයි ගොඩක්ම හොද, මොකද ලිපි ලියන අය නියම විදියට මෙම කිවර්ඩ් එක වැඩියෙන් භාවිතා කරලා ලියාදෙන එක සිද්ද කරනව. එනිසා අපි ලියන්න ගිහින් අමාරුවේ වැටෙනවට වඩා මම හිතන්නේ Article 3ක් විතර කව්රුහරි ලවා ලියගත්තනම් හොදයි

කොහොම හරි කරලා මේදේවල් දල අපිසයිට් එකක් හැදුව කියමුකෝ, එත් කොහොමද අපි මේ සයිට් එකක් හරියට ප්ර මෝට් කරගනේ. මේකට තමා SEO කියනදේ ඕන වෙන්නෙ,දැන් හිතන්නේ එපා ඔයා කරුමේ තමා හැමදේටම හරස් වෙන්නෙ කියල, මේකට මුඋලික දේවල් ටික කියාදෙන්නම්

අපි වර්ඩ්ප්රෙසස් භාවිතා කරනවා කියුවනේ ඒනිසා අපිට පුළුවන් All In One Seo Pack කියන ප්ලග් ඉන් එල භාවිතා කරන්න, මේක අනිවාර්යෙන් වර්ඩ්ප්රෙසස් භාවිතා කරන ගොඩක් අය භාවිතා කරනවා, (මේකෙන් වෙන්නෙ බ්ලොග් ලිපි සේවෙම් යන්ත්රා වල අසුවිඉමේ ඉඩකඩ වැඩි කරදිඉම) ඒ කියුවේ සයිට් ඒක පැත්තෙන් කරන්න තියනදෙවල්,

දැන් සර්ච් එන්ජින්ස් පැත්තෙන් කරන්න තියෙන්නේ බැක්ලින්ක්ස් හදන ඒක, මේක ටිකක් අමාරු වැඩක් කියලා හිතනවානම් කරන්න තියන හොදමදේ තමා Fiverr වගේ වෙබ් අඩවියකින් ලිනක්ස් ගන්න ඒක, එකට ඕනතරම් ගිග් තියනව.එහෙම නැත්නම් seoclerks වගේ සයිට් උනත් භාවිතා කරලා මෙම සේවාවන් ලබාගන්න පුළුවන්,ඇහෙම නැත්නම් දන්නා කියන යාලුවෝ සමග ලිනක්ස් හුවමාරු කරගන්න, එකට Geek.lk වගේ ගීක්ල සෙට්වෙන තැනක අල්ල ගතනම් හරි....

මුලිකව මේකේ සිද්දාන්තය පැහැදිලි කරන්න කියාලා හිතාගෙන තමයි මේක ලියුවේ, අනිත් එක ගොඩක් කාලෙකින් මුකුත් ලියුවෙත් නැති නිසා අලුත වෙන්නත් එක්ක ඔන්‍න‍ කුරුටුගෑව, මොනවා හරි නොතේරෙන තැනක තියනවනම් කමෙන්ට් එකක් දන්න, ඒ ගැන පැහැදිලි කරන්නම් :)
Read More
Friday, March 9, 2012
අපිට දෙන්නෙ නැති Paypal බලෙන් පාවිච්ච් කිරීම

අපිට දෙන්නෙ නැති Paypal බලෙන් පාවිච්ච් කිරීම

http://2.bp.blogspot.com/-OJWR9qfxOtE/T1ldeYCxXBI/AAAAAAAAIww/2eFweXs981w/s1600/Untitled-1.png

හ්ම්ම්..... පට්ට කාලෙකින් මේ‍ක Slbloggs මතක් උනා. එකපාරටම ලියන්න කියල දෙයක් දැන් මතක් උනේ නැ ඒනිසා පොඩ්ඩක් Paypal ගැනැ කියා දෙන්න හිතුව.ගොඩක් කාලෙකින් ලියන නිසා වෙන්න ඕන මේක ටයිප් කරගන්නත් ඇත හුරු නැ වගේ.බ්ලොග් එක ලියන්න අරගෙන දැන් අවුරුදු දෙකක් වෙනව, එ‍ක සමරන්නවත් ලිපියක් දාන්න උනේ නෑ.වැඩි කතා නැතුව ලියන්න පටන් ගන්නම්

ලංකාව දෙන්නෙ නැති පේපැල් කොහොමද අපි භාවිතා කරන්නේ

දැන්ගොඩක් කාලෙක ඉදල ලංකාවට මේ Paypal දෙන්නෙ නෑ. හේතුව නම් හරියට දන්නේ නෑ කොහොම උනත් කියක් හරි හොයා ගන්න අයට බඩේපාර නම් වදිනව. එ‍කට තියන පොඩි විසදුමක් තමයි Virtual Credit Card (vcc) කියන්නේ. මේ කාඩ් එකක් $9 කට විතර ගැන පුළුවන්. අද කියා දෙන්නෙ කොහොමද මේ Paypal ගිණුමක් Limit කරගන්න නැතුව භාවිතා කරන්නේ කියල,

මම අකුරෙන් අකුර ගිණුමක් හදන හැටි කියන්නේ නම් නෑ නමුත් මූලික හැමදේම කියාදෙන්නම්. මම නම් භාවිතා කලේ සවුත් කොරියා ගිණුමක්. එඅ කියන්නෙ paypal.com ගිහින් ඊට පස්සේ ගිණුමක් හදන්න රට (country) විධියට සවුත් කොරියා කියල දාන්න. ඒ හදන ගිණුම වලට සල්ලි එවන්න යවන්න වගේ ප්රදධාන වැඩටික කරන්න පුළුවන්.මම දැනට අවුරුදු දෙකක වගෙ කාලයක් මේ ගිණුමක් පාවිච්ච් කරනවා, ඔය හදා ගතපු ගිණුමෙන් ඊබෙ වලින් බඩු ගන්නත් පුළුවන්, නමුත් ඉට කලින් කියන්න දේවල් ටිකකුත් තියනවා. ඒටික ලිපියේ අන්තිමට ලියන්නම්.

මොකටද මේ VCC එකක් ඕන වෙන්නෙ

VCC කියනේ බොරු Credit Card එකෙක්, මේකෙ වලන්තාවය තියෙන්නේ මාස තුනක් වගේ කාලයක්. එඅ නිසා මෙම එකක් අරගෙන මාස තුනක් ඇතුලත ගනුදෙනු කරන්න පුළුවන්.මේ VCC එක වැදගත් වෙන වෙලාවල් ඕන තරම්.මම කලින් කියුවට Ebay වල ගණුදෙනු කරන්න VCC ඕන නෑ කියල වලටත් ඕන වෙන වෙලාවල් තියනවා.ඊබොක්කේ සමහර සෙලර්සල ඉන්නවා Paypal Verified ගිණුම වලින් ලැබෙන සල්ලි විතරයි භාර ගන්නේ, ඉතින් එහෙම වෙලාවට නම් අනිවාර්යෙන් කාඩ් එකක් ඕන (vcc).තව ඉතින් ඔය අපි Godaddy.com වගේ අඩවියකින් ඩොමේන් එකෙක් ගන්න ගියා කියල හිතමුකෝ, ඔය ඩොමේන් ගන්න ගෙවන්න පුළුවන් ක්රවම කිහිපයක්ම තියනව. ඒකෙන අපි Paypal වලින් ගෙවනකොට අපි අනිවාර්යෙන් අපේ ගිණුම වලංගු කරල තියෙන ඕන

අපි කොහොමද මෙ‍ම VCC හොයාගන්නේ

මම මුලින්ම වීසීසි එකෙකේ ගත්තේ vcc-market.com කියන වෙබ් අඩවියෙන්,මේ අඩවියේ තියන ප්රයශ්නේ තමා අපි සල්ලි ගෙවන ඕන AlertPay වලින්. එ අඩවිය හැරුනම හොදම තැන වෙන්නෙ BlackhatWorld එක, ඔකේ නම් ඕන තරම් හොයාගන්න පුලුවන්.


කොහොමද මේ Paypal ගිණුමක් ලිමිට් නොවී පාවිච්චි කරන්නේ

අතට ගත්ත දේ කටට දාගන්න පින තියෙන්න ඕනනේ, එ වගෙ මේ හදාගතපු ගිණුම පරිස්සම් කරගන්න ඕන.ගොඩක් වෙලාවට මෙ‍ා ගිණුම ලිමිට‍ වෙන්නෙ ඊබේ ගනුදෙනු කරනකොට අපේ ලිපින අහුවෙලා. එ කියන්නෙ අපි අපේ Ebay ගිණුම හදල තියෙන්නේ ලංකාවේ ලිපිනයකට නමුත් Paypal Address තියෙනේ වෙන රටකට ඉතින් සෙලර් මේ‍ක දැකපු ගමන් කෑගහනවා මෙන්න මූ හොරෙක් කියල. ඉතින් අපිට අර හදා ගතපු ගිණුම කෙලවිලා යනවා. ඔය නිසා තමා මොනව හරි ගන්න කලින් සෙලර්ව අමතන්න ඕන. අපි සල්ලි ගෙවන කලින් සෙලර්ට කියන්න - "අනේ මචෝ මගේ ඊබොක්කෙ ලිපිනේ තියෙන්නේ ලංකාවේ ලිපිනයක් කරුණා කරලා මෙ‍ බඩුව ලංකාවේ ලිපිනයට එවන්න පුලුවන්ද" කියල එතකොට ඒ මනුස්සය කියනවා පුලුවන්ද බරිද කියල. ඊට පස්සෙ සල්ලි ගෙවන්න, එතකොට කිසි අවුලක් නෑ. මම නම් Ebay හා Paypal පාවිචි කරන්නෙ ඔය විදියට

හ්ම්ම්ම් ලියාගෙන ලියාගෙන ගියා, මෙ‍ා ලියපුටික පොඩ්ඩක් හරි ගැන දැනගන්න උදවුවක් වෙන්න අති කියල හිතනවා, ගොඩක් කාලෙකින් ලියපු ලිපියක් නිසා සමහරවිට පොඩි පොඩි අවුල් ඇති එ‍ක ගනං ගන්න එපා කියල කියාගෙන අපි නවතිනවා :D
Read More
Saturday, December 31, 2011
$1 කට ඩොමේන් ගන්න

$1 කට ඩොමේන් ගන්න


දැනට බ්ලොග් එක ලියන්න අර අවුරුදු දෙකක වගේ වෙනව. ඒත් දැන් දැන් නම් මොනවත් ලියන්න වෙන්නෙත් නෑ, මීට කලින් බැක්ලින්ක්ස් / ලින්ක්ස් බිල්ඩින්ග් ගැන පොස්ට් එකක් ලියුවට ඒක ඔක්කොම ලියල ඉවර කරන්න උනෙත් නෑ.ඒ නිසාම පොඩි පෝස්ට් එකකින් හරි වර්ශ අවසානය සමරන්න කියල හිතුන....

මේක අර Godaddy කියන සයිට් එකෙන් දෙන තවත් ලොකු දීමනාවක්.දැන් ලංකාවෙත් වෙබ් අඩවි, බ්ලොග් අඩවි වැඩියෙන් බිහිවෙන්න පටන් ගතපු නිසා මේක ටිකක් වටීවි කියල හිතෙනව.මොකද අවුරුද්දකට $11.99 ගෙවන්න ඕන ඩොමේන් මෙන්න දැන් $1 කට ගන්න පුලුවන්( අවුරුද්දක් සඳහා).ඩොමේන් ගන්න කෙනෙක් ඉන්නවනම් මෙන්න චාන්ස් එක.පොඩි වැඩයි කරන්න තියෙන්නෙ. පොඩි කෝඩ් කෑල්ලක් දාපු ගමන් $11.99 තියන ඒව $1ට දෙනව

මුලින්ම වලට ගිහින් තමන්ට ඕන ඩොමෛන් එක අරගෙන සල්ලි ගෙවන්න කලින් මේන්න මේ කූපන් එක භාවිතා කරන්න - CoolDomain

http://4.bp.blogspot.com/-aCmsXcXyMzQ/Tv6ezUoa3vI/AAAAAAAAHXk/jsv4SArJNTs/s1600/godaddy.jpg
පැහැදිලිව බලා ගැනීමට ඒ මත ඔබන්න

මේක තාම වැඩ. මම දැන් බලල තමා මේ පොස්ට් එක ලියන්න ගත්තෙ.වැඩේ හරිගියාද නැත්ද කියල කියන්නත් අමතක කරන්න එපා
Read More
Tuesday, October 25, 2011
ඊබේ සහ ලැප්ටොප්

ඊබේ සහ ලැප්ටොප්


කම්මැලිකම යන්නත් එක්ක මොනව හරි ලියන්න ඌන කියල හිත හිත හිටියට කියන්න නම් වෙන්නෙම නෑ, ඒනිසා පොඩි ඊබේ කතාවක් ගැන ලියන්න හිතුන, මේ දවස් ටිකේ පොඩ්ඩක් පේපෑල් සල්ලි ලංකාවට ගන්න ක්‍රමයක් හොය හොය හිටිය, ඒත් තාම මම හිතපු තරම් නම් වැඩේ සාර්ථක උනේ නෑ, ඒනිසා තාම මනිබූකරස් තමා,

ඒක පොඩි අතුරු කතාවක්, දැන් ආපහු පරන කතව...

DP හරහ පොඩි සේල්ස් ටිකක් කරල ගානක් හොයගෙන ඊබොකෙන් බඩු ටිකක් ගත්ත, ඔය අතරෙ පොඩ්ඩක් ලැප්ටොප්පිස්සුවක් ගහල තිබුනෙ, ඒනිසා ඊබොක්කෙ ලැටොප් ගැන හෙව්ව,ඒව දැකල පිස්සුව වැඩි වෙලා තිබුනෙ, කොහොම ඒ වෙනකොට පේපෑල් වල $250ක් $300ක් වගේ තමා තිබුනෙ, මටත් හොදට ඕන නිසා මම ඉතින් Core I7 විතරමෛ හෙව්වෙ, නමුත් තියන ඔක්කෝම $900 පන්නල තමා තියෙන්නෙ (ශිපින් වලටත් එක්ක). තාත්තගෙ කාඩ් එකෙන් ඔච්චර ගානකට විද්දොත් ගදර ඉන්නත් නැති වෙන නිසා ඕන එකක් වෙන්න කියල එක සයිට් එකක් විකුනුව,

ඒ තීරනේ ගන්න පොඩ්ඩක් දුක හිතුනට ලැප් සිහිනය නිසා ඔන්න ඔහේ විකුනල දැම්ම, සයිට් ඉතින් හදන්න බැරිය ඕන වෙලාවක, යාන්තමින් $950ක් හොයගත්ත දැන් නම් පට්ට මොරාල්, කොහොමින් කොහොම හරි ඊබේ එක පීරල $1030.24 කට ගන්න හිතේ පරිදි එකක් හොයගත,

පස්සෙ සෙලර් කාරයට දැම්ම මේල් එකක් ,මගේ ඊබේ වල තියන ශිපින් ඇඩ්‍රස් එකට මේක එවන්න පූවන්ද කියල.ඒ වෙලාවෙ උන්ගෙ රටේ (United States) වෙලාව අනුව රෑ 2 වගේ වෙලාලු, ඉතින් සෙලර් කාරයත් කබ කඩ කඩ අවිල්ල මට රිප්ලයි කලා, ඒ කියන්නෙ මම කරපු යෝජනාවට කැමතී කියල.අම්මෝ ඒ වචනෙ දෙයියො දැක්ක වගේ, මම ටක් ගාල සල්ලි ගෙව්ව

http://www.ebay.com/itm/380366231129#ht_4588wt_1037 දැන් නම් මේ ලින්ක් එකේ තිබුන ලැප්ටොප් විකිනිලා ඉවරයි., (ඒ නිසා ටික දවසකින් මේ ලින්ක් එක වැඩ කරන එකක් නෑ, මම ස්ක්‍රීන් ශොට් එකක් ඒ නිසා ගත්ත)


පැහැදිලිව බලන්න ඒ මතඔබන්න

කොහොමින් කොහොම හරි සෙලර් කාරය උදේ වෙච ගමන්ම ශිප් කලා කියල මේක් එකක් ආව, තව USPS වලින් Tracking ID එකකුත් දුන්න දැනට මේක කොහෙද තියෙන්නෙ කියල, දැන් ඉතින් දත්කූරු කකා දවස් 5ක් විතර ඉන්නකොට ගාල්ලෙ තැපැල් කන්තෝරුවෙන් කෝල් කරපි, "මෙන්න උබට පාර්සලයක් තියනව, පට්ට තඩි පෙට්ටියක් සල්ලි කීයක් හරි අරගෙන වරෙන් මේක අරන් යන්න කියල"

ඒවෙලාවෙනම් බඩපපුව දන්න ගත්ත ටැක්ස් ගැන මතක්වෙලා, කොකටත් කියල සල්ලිත් අරගෙන ගියා ගාලට බයික් එකෙන්, ගිහිල්ල ID එක එහෙම දුන්නම කියුව වගේ ලොකු පෙට්ටියක් උස්සන් ආව, ඒක දැක්කම මම හිතුව ගෙනාපු ගාන මදි වේවි කියලත්. සෙලර් කාරය මදි නොකියන්න පට්ට තඩි පෙට්ටියක මේක දල එවල, මොනව කරන්නද, පෙට්ටිය ඇරල බැලුවම ඒක ඇතුලෙ තව හිස් පෙට්ටියකුයි ලප් එක තියන ඔර්ගිනල් පෙට්ටියයි.සෙලර් නොට් එකක් දාල තියනව පෙට්ටිය කඩලනම් ගන්න එප කියල,අපි කොහොමත් ඒවගේ ඒව ගන්නෙ නෑ නේ, ඉතින් හොදට බලල එතනදි ලප් එක එලියට අරන් බැලුව, නිකන් කිරි ටොයිය වගේ තිබුන, ඔන් කරල බලලා අපහු ඒ පෙට්ටියටම දගෙන ඔන්න ටැක්ස් ගැන කතා කරන්න ගත්ත

මෙන්න මේක කියපි මේක 9000ක් වගේ ටැක්ස් ගහන්නවෙනවලු, අනේ බුදුසර් කියල නාහෙන් අඩල අඩල ශේප් එකේ 5000කට බස්ස ගත්ත, කොහොමින් කොහොම හරි ගෙදර ගෙනල්ල වැඩ ඇරබුව, ඇත්තෙන්ම කියල වැඩක් නෑ, මම හිතුවට වඩා වැඩ නම් සුපිරී,

මේකෙ පහසුකම් විදියට මෙන්න මෙව තම තියෙන්නෙ

PROCESSOR:

· 2nd generation Intel® Core™ i7-2630QM Processor 2.00GHz with Turbo Boost Technology up to 2.90GHz

OPERATING SYSTEM:

· Genuine Windows® 7 Home Premium (64-bit)

DISPLAY:

· 15.6" diagonal High-Definition HP BrightView LED Display (1366 x 768)

MEMORY (RAM):

· 8GB DDR3

HARD DRIVE:

· 750GB (5400RPM) SATA with HP ProtectSmart Hard Drive Protection

WEIGHT & DIMENSIONS:

· (w x d x h) 5.78 lbs; 14.88" x 9.71" x 1.23"/1.39"

BATTERY LIFE:

· Up to 5.75 hours

BATTERY:

· 6-Cell 55WHr Lithium-Ion Battery

FINISH:

· Brushed aluminum in steel gray

(ඔය ටික ඊබේ වලින් තමා කොපි කරගතෙ)

මෙච්චර පොස්ට් එකක්දාල පින්තූරයක් දැම්මෙ නැත්නම් හරිනෑ නේ



මේක් මේ කම්මැලිකමයන්නත් එකක් වගේ ලියුවෙ, පුලුවන් ඉක්මනින් හොද පොස්ට් එකක් දාන්නම්, අහෙනම ඉතින් අදට ලියන්න තියෙන්නෙ එච්චරයි..... :)
Read More
Friday, October 14, 2011
ඩොමේන් 5ම $5, තවත් සීමිත දීමනාවක් පමනයි

ඩොමේන් 5ම $5, තවත් සීමිත දීමනාවක් පමනයි

ඇත්තෙන්ම මේ දවස්වල මේ SLBLOGGS බ්ලොග් එකේ අලුත්දේවල් ලියවෙන ප්‍රමානේ නම් අඩුයි තම, ඒනිසා තමා මේවගේ පොඩි ලිපියක් වත් දාල ඒපාලුව මකන්න උත්සාහ කරන්නෙ, අද ලියන්න යන්නෙත් Godaddy වෙබඩවියෙන් ලබාදෙන තවත් විශේෂ දීමනාවක් ගැන තමා

මේක කලින් දීපු දීමනා වලට වඩා පොඩ්ඩක් වෙනස්, මොකද කියුවොත් මේකෙදි මොවුන් ලබාදෙනෙ, ඩොමෙන් නාම එකක් නෙවයි, ඩොමේන් නාම පහක්.සාමාන්්‍යයෙන් Godaddy වල ඩොමේන් එකක් $11.99 වගේ වෙනව, ඉතින් ඒනිසා මේ ක්‍රමේ ගොඩක් වාසිදායකයි.දන් අහන්න එපා ඩොමේන් පහක් කන්නද කියල, අනිවාර්යෙන් ඒ වගේ දෙවල් හිතෙනවනේ(විශේශයෙන් මටනම් අහෙමයි:D) ඒනිසා ඩොමෙන ගන්න ඉන්න දෙතුන්දෙනෙක් හොයාගෙන කාගෙත් කැමැත්ත මත එක ගිනුමකට ඩොමේන් 5ම ගන්න, ඊටපස්සෙ යාලුවොන්ගෙ ගිනුම් වලට ඩොමෙන් ටිකබෙදල දෙන්න, (මෙසේ ඩොමෙන් අනිත් ගිනුම් වලට පුශ් කිරීමට ගෝඩැඩිය සල්ලිගන්නෙ නෑ)

මේ තියෙන්නෙ ගෝඩැඩී වෙබ් අඩවියේ මේ පිලිබදව පෙන්වන ආකාරය



පැහැදිලිව බැලීම සදහා මේ මත ඔබන්න

මේ සඳහා භාවිතාකලයු කූපන් කෝඩ් එක වනුයේ - 50Million කියන වචනය තමා,අහෙනම් කියන්න තිබුන සේරම කෙටියෙන්ම කියුව, පුලුව ඉක්මනින් නව ලිපියකින් සංග්‍රහ කරන්නම් :)
Read More
Saturday, September 24, 2011
Godaddy ඩොමේන් $1 කට, සීමිත දීමනාවක් පමනයි

Godaddy ඩොමේන් $1 කට, සීමිත දීමනාවක් පමනයි

ගොඩක් කාලෙකින් සිංහල බ්ලොග් එකේ මුකුත් කුරු‍ටු ගන්න උනේ නෑ නේ, ඒනිසාම තමා මේක කියන්නෙ, මේක වෙබඩවියෙන් ලබාදිපු අලුත්ම දීමනාවක්, සාමාන්යෙන් මේවගේ දීමනා දෙන්නෙ මාසෙකට එකපාරක් වගේ, ඔන්න මේ පාරත් ඒවගේම දීමනාවක් දීල තියනව,


අපහැදිලිනම් පින්තූරය මත ඔබන්න

මේ දීමනාවෙ හැටියට ඩොමේන් නාම කිහිපයක්ම $1 වගේ මුදලකට දෙනව,තමන්ගෙම වෙබ් අඩවියක් ගන්න හිටපු අයට මේක හොද අවස්තාවක් වේවි, මොකද ගොඩක් අඩුවට ඩොමේන් නාමයක් ගන්න පුලුවන් වෙන නිසා.

මේ දීමනාව ලබාදෙන ඩොමේන් නාමයන්
.COM, .US, .MOBI, .BIZ, .NET, .ORG, .CA, .CO.UK and .IN

ඩොමේන් නාමය ලාබා ගැනීමේ සාමාන්ය පියවරයන් ටික එකින් එක සම්පූර්න කරල, ඩොමන් නාමයට සල්ලි ගෙවන්න කලින් ලැබෙන පියවරේදි Enter Your Coupon කියන තැනට Cool1 සටහන් කරන්න, ඊට පස්සෙ ඩොමෛන් නාමයට ගෙවීම සිදු කරන්න

මේක මේ කලබලේට ලියපු ලිපියක්, ඒනිසා මුකුත් අඩුපාඩු අහෙම තියනවනම් සමාව ඉල්ලනව,ඩොමෛන් එක ගත්තොත් මෙතන සටහනක්දාල යන්න අමතක කරන්න එපා....
Read More
Sunday, September 4, 2011
Slbloggs බ්ලොගර් ටෙම්ප්ලේට් Collection

Slbloggs බ්ලොගර් ටෙම්ප්ලේට් Collection

විභාගෙත් ඉවර උනාට පස්සෙ පස්සෙ කරන්න කියල විශේශ දෙයක් තිබුනෙ නෑ, ඒනිසාම මේ දවස්ටිකේ බ්ලොගර් ටෙම්ප්ලටෙ ටිකක් Design කරන්න හිතුන, අලුතින් බ්ලොග් ලිපියක් ගොඩක් දවසකින් ලියුවෙත් නෑනෙ, ඒ නැතත් එකපාර ලිපියක් ලියන්න කියල හොද අදහසක් ආවෙත් නෑ, ඒනිසාම තමා මේක ලියන්න හිතුනෙ.

බ්ලොගර් ටෙම්ප්ලේට් වලින් පොඩි ගානක් හොයගන්නත් පුලුවන් උන නිසා ඇගට පොඩි කික් එකක් ආව :D ඒඅනිසාම ටෙම්ප්ලේට් 4ක් 5ක් විතර හැදුව, නිකමට වගේ බලල යන්න හොදද කියල :)








http://3.bp.blogspot.com/-_m1ctBPAKzQ/TmLuNYRJy8I/AAAAAAAAEbU/aZ1JpaJmmDg/s1600/Poker%2BOnline.png




http://4.bp.blogspot.com/-Twr3xXAc9VU/TmLvVo8F_-I/AAAAAAAAEbc/AxNvLD2xvb0/s1600/Cool%2BPower%2BBlogger%2BTemplate.png
Read More